How to control Google Earth Flight Simulator

කැමති රටකට අහස්‌ යානාවක් මගින් පියාසර කිරීමට කැමති ඔබ සැමට Google  සමාගම විසින් හඳුන්වා දුන් නවතම පහසුකම
 (  Google Earth Flight Simulator )



Google Earth පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. නමුත් ඔබ දැනගෙන සිට්යාද "Google Earth Flight Simulator" ගැන. Flight Simulator කියන දෙය වැඩි දෙනෙක්ට අලුත් දෙයක් වෙන්න පුළුවන් නමුත් අපේ යාළුවො සමහරක් දෙනෙක් දන්නවා මොකක්ද Flight Simulator කියන්නේ කියල. ඔබ නොදන්නවා උනාට මෙම option එක Google Earth මෘදුකාංගයේම අන්තර්ගත කොට තිබෙනවා. අවශ්‍ය කරන්නේ එය සක්‍රීය කිරීම පමණයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ එම සුපිරි අත්දැකීම විඳගැනීමට ඔබට අවශ්‍ය කරන මග පෙන්වීම කිරීම පමණයි.


මෙම option එක හඳුන්වා දීමේ ප්‍රදාන අපේක්ෂාව වන්නේ ඔබට රටින් රටට පියාසර කරන ගුවන් යානයක සිටින ගුවන් නියමුවෙකුගේ අත්දැකීම ලබා දීමටයි. ගුවන් යානය පාලනය කිරීමේ සම්පූර්ණ වගකීම ඔබ සතුව තමයි පවතින්නේ. මෙහි දී ඔබට අවට පරිසරය චන්ද්‍රිකා තාක්ෂණය මගින් නරඹමින් ගුවන් තොටුපලකින් ගුවන් තොටුපලකට ගුවන් යානය පැදවීමට පුළුවන්.  සාමාන්‍ය ආකාරයට චන්ද්‍රිකා චායාරූප මගින් පෘතුවියෙහි ස්ථාන නරඹපු ඔබට මෙම අත්දැකීම සුපිරිම සුපිරි අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.


දැන් බලමු කොහොමද කියල නිවැරදිව Flight Simulator option එක සක්‍රීය කරගන්නේ 


01. Flight Simulator පහසුකම සක්‍රීය කරගන්න google earth මෘදුකාංගයෙහි tools මෙනු එක මත ක්ලික් කිරීමෙන් " Enter Flight Simulator " තෝරන්න 




02.දැන් ඔබට තේරීමට පුළුවන් කැමති ගුවන් යානයක් ඒ සඳහා ගුවන් යාන දෙකක් තිබෙනවා. ඉන් පසුව ඔබට තේරීමට සිදුවනවා ඔබ පියාසර කිරීමට බලාපොරොත්තු වෙන Airport එක සහ ගුවන් ගත වීමට බලා පොරොත්තු වෙන Airport එක.




03. පළමු වන වරට ගුවන් යානය හසුරවන ඔබට එය තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් කාලයක් එය පුරුදු පුහුණු වීමෙන් පහසුවෙන්ම ගුවන් යානය පාලනය කිරීමට පුළුවන්. Joystick එකක් ඔබ සතුව තිබෙනවානම් ගුවන් යානය පාලනය කිරීම ඉතාමත්ම පහසු වෙනවා. නමුත් එසේ නොමැති ය සඳහා Keyboard එක සහ Mouse එක යොදා ගන්න පුළුවන්.




04. ගුවන් යානය ගමනාන්තය වන  Airport එකට land කිරීමේදී ආදුනික ඔබට එය නිවැරදිව කරගන්න බැරි වේවි. නමුත් ටික කලක් යන විට එය පහසුවෙන්ම කරගන්න පුළුවන්.




5 comments:

  1. ඇත්තටම නියමයි......මම නම් කවදාවත් මේක දැනගෙන හිටියේ නෑ..අදම චෙක් කරලා බලන්න ඕනේ.....

    ReplyDelete