Facebook: We Failed Timeline Hacker
Mark Zuckerberg ගේ Facebook ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙකු ඇතුළුවෙයි.
ඔබත් Facebook ගිනුකම හිමිකරුවෙකු නම් Mark Zuckerberg කියන පුද්ගලයා ගැන නොදන්නවා විය නොහැකියි. මොකද ඔහු තමයි Facebook කියන අතිශයින් ජනප්‍රිය වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා.
Mark Zuckerberg ගේ පෞද්ගලික Facebook ගිණුමට මෙසේ අනවසරයෙන් ඇතුළු වී තිබෙන්නේ පලස්තීන Hacker කෙනෙක් බව තමයි වාර්තා වෙන්නේ. මෙසේ ඇතුළු වුනු පුද්ගලයාඅනවසරයෙන් Mark Zuckerberg ගේ Timeline එකට ඇතුළු වී එහි ලියා තිබෙනවා මෙහි තිබෙන දෝෂයන් නිරාකරණය කරගන්නා ලෙස.
Facebook's Chief Security Officer මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ එලෙස පැමිණි පුද්ගලයා විසින් අපගේ දෝෂයන් පෙන්වා දුන් බවයි. ඒ වගේම එම පුද්ගලයා සමග සම්බන්දතා පැවැත්වීමටද නොහැකි වූ බව ප්‍රකාශ කර තිබෙනවා.
මීට සතියකට පෙරදී Khali Shreateh කියන පුද්ගලයාට ඔහුගේ යහළුවන් නොවන පුද්ගලයන්ගේ Timeline වල පවා ඔහුට යම් යම් දේවල් Post කිරීමට හැකියාව තිබෙන බව ඔහු දැනගෙන තිබෙනවා. ඔහු එම දෝෂය whitehat disclosure program එක හරහා Facebook එකට කිහිපවාරයක් දන්වා සිටියත් ඔහුගේ එම පැමිණිල්ල Facbook විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම හේතුව නිසා එම පුද්ගලයා උත්සහ කර තිබෙනවා Facebook හී අවදානය යොමු කරගැනීම පිණිස Mark Zuckerberge ගේ Timeline එකේ මෙම දෝෂය post එකක් මගින් දැන්වීමට.
Facebook Chief Security Officer විසින් ඔහු විසින් ලියන ලද post එකකින් පැහැදිලි කර තිබෙනවා" Researchers ලා හෝ Hackers ලා විසින් සොයා ගන්නා ලද දෝෂයන් පිලිබදව ඔවුන්ගේ නියම Facebook ගිණුම් මගින් Facebook දැනුවත් කිරීමට උත්සහ නොකරන නිසා තමයි ඔවුන්ට Dummy Accounts හදා ගැනීමට ඉඩ ලබා දී තිබෙන්නේ කියා".
තවදුරටත් ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා මෙවැනි දෝෂයන් පිළිබඳව දවසකට පැමිණිලි 100 ගණනක් ලැබෙන අතර ඒවා අතර සත්‍ය දෝෂයන් තිබෙන්නේ එකක් දෙකක් වගේ සුළු වශයෙන් බව. එම හේතුව නිසා මෙම දෝෂය පිළිබඳව එම පුද්ගලයා විසින් එවනු ලැබූ පැමිණිල්ල පිළිබඳව සොයා බැලීමේදී අප විසින් ඉක්මන් තීරණයක් ගැනීම නිසා මෙම සත්‍ය පැමිණිල්ල නොසලකා හැරීමට සිදු වූ බවයි.
මෙම සිදුවීම නිසා මෙලෙස වාර්තා කරන දෝෂයන් පිළිබඳව Facebook ක්‍රියා කරන ආකාරය ක්‍රම දෙකකින් වෙනස් කරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඒවා නම් මෙම පහත දිස් වෙන පරිදි වේ.
1. වඩාත් හොඳින් එම දෝෂයන් හඳුනාගැනීමට පෞද්ගලිකවම එම පුද්ගලයන් සමග E-Mail පණිවුඩ මගින් සම්බන්දතා පවත්වන බව.
2. වඩාත් හොඳින් පහසුවෙන් දෝෂයන් පිළිබඳව Facebook දැනුවත් කිරීමට හැකි වෙන ලෙස Whitehat Page එක තව දුරටත් වැඩි දියුණු කරන බවයි.
ඒවගේම Khali Shreateh (Hacker) කියන පුද්ගලයාට බිය වීමට කිසිඳු හේතුවක් නොමැති බවත්. ඔහුට ඉදිරියේදී මුදල් ත්‍යාගයක් ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
Chief Technology Officer විසින් ඔහුට මුදල් ත්‍යාගයක් ලබාදීම සඳහා මේ වනවිටත් කටයුතු කරගෙන යන අතර ඔවුන් බලාපොරොත්තු වෙන මුදලින් $8,000 මුදලක් දැනටමත් එකතු වී තිබෙන බවත්ය. ඔවුන් පිරිනැමීමට බලාපොරොත්තු වෙන මුදල් ත්‍යාගය 10,000 ක් බවත් වාර්තා වෙනවා.
මෙම තත්වය පිළිබඳව තවත් උණුසුම් ප්‍රවුර්තීන් නිකුත් වූ සැනින් Apps Lanka ප්‍රේක්ෂක ඔබ දැනුවත් කිරීමට අප සුදානම්.
Loweth Ne!!!!
ReplyDeleteela 10000 ekathu unama yanawa hih hih
ReplyDelete