Why should you upgrade windows 7 to 8
Windows 7 මෙහෙයුම් පද්දතිය Windows 8 වලට upgrade කල යුත්තේ ඇයි?
ඔබ මේ වන විටත් භාවිතා කරන්නේ windows 7 මෙහෙයුම් පද්දතිය නම්. මේ ඔබට windows 8 මෙහෙයුම් පද්දතියට මාරු වීමට සුදුසු කාලයයි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ windows 8 මෙහෙයුම් පද්දතිය සතුව තිබෙන ඔබ දැනගතයුතු සුවිශේෂී කාරණා 5 පිළිබඳව ඔබගේ අවදානය යොමු කිරීමයි.
1) You live in the cloud
ඔබ පරිගණකය භාවිතා කිරීමේදී වැඩි කාලයක් ගත කරන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමටනම් windows 8 මෙහෙයුම් පද්දතියට ඔබ බෙහෙවින් ඇලුම් කරාවි. වෙනස් වූ අන්තර්ජාල සේවාවන් එකිනෙකට සම්බන්ධ කිරීමට windows 8 මෙහෙයුම් පද්දතිය විසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබෙනවා. උදාහරණයක් විදියට SkyDrive සහ නොයෙක් Social Networks එකිනෙකට සම්බන්ධ කිරීමට. ඔබ මීට කලින් ඔබගේ social networks සියල්ල Microsoft account එකට link කර තිබේනම් ඔබට කිරීමට තිබෙන්නේ එම account එකට log වීමට පමණයි. අනෙකුත් accounts සියල්ල ඔබට භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
Messages app එක මගින් Facebook, MSN වැනි සමාජ ජාලයන් වල chat කිරීමට අවස්තාව තිබෙනවා. ඔබගේ E - Mail සියල්ල ක්ෂණිකව windows 8 වල තිබෙන Mail app එකට sync කර ගැනීමටත් පුළුවන්. Facebook සහ Flickr වෙනුවෙන්ම නිර්මාණය කරන ලද photos app එකද ඔබට භාවිතා කිරීමට පුළුවන්. People app එක ගැනත් යමක් කියන්න ඕනේ එමගින් ඔබට පුළුවන් Facebook , Twitter , Linkedin වල තොරතුරු ඔබ කැමති පුද්ගලයෙකු සමග බෙදා ගැනීමට.
Office 2013 මෘදුකාංගය භාවිතා කිරීමේදී Documents, Preferences, Settings windows 8 මෙහෙයුම් පද්දතිය භාවිතා කරන උපකරණ සමග sync කිරීමට හැකියාව තිබෙනවා. එම කාර්ය සඳහා Skydrive සුවිශේෂී සේවයක් ඉටුකරනවා.
2) Performance improvements
windows 8 මෙහෙයුම් පද්දතිය සැබවින්ම වේගවත්. පරිගනකය boot වීමට ගත වෙන කාලය Win 7 සමග සැසඳීමේදී Win 8 ඉතාමත් වේගවත්. අත්දැකීමෙන්ම කියන්න පුළුවන් win 8 වල වැඩ කිරීමේදී අපි කරන දෙය ඉතාමත්ම වේගයෙන් වගේම ක්ෂණිකව කිරීමට පුළුවන්. app එකකින් app එකකට මාරු වීමේදී අලංකාර විදියට Animation එකක් සමග බොහොම සුමට ආකාරයට ඒ අතර මාරුවෙනවා. app එකක් open කිරීමේදී කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව ක්ෂණිකව open වෙනවා. යමක් scroll කිරීමේදී බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් සුළු හෝ හිරවීමක්වත් නැහැ.
මේ ආකාරයට ක්ෂණිකව ඕනෑම දෙයකට ප්‍රතිචාර දැක්වීමට win 8 මෙහෙයම් පද්දතිය නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා සියලු ගෞරවය Microsoft සමාගමට හිමි වෙනවා.
3) Access to Modern UI apps
මේ අවස්තාව වන විට නම් Modern UI apps විශාල සංඛ්‍යාවක් නැහැ. නමුත් ඉදිරියේදී අති විශාල සංඛ්‍යාවක් නිර්මාණය වීමට පුළුවන් මොකද පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට Microsoft සමාගම විසින් එය අනිවාර්යයෙන්ම නිර්මාණය කිරීමට පෙළඹෙනවා.Windows store එකේ තිබෙන සියලුම apps නිර්මාණය කරන්නේ පුළුල් තිර වලට ගැලපෙන ආකාරයට. මෙම apps තිරයේ සෑම කොටසකම වාගේ විහිදිලා යන භාවිතා කරන පුද්ගලයාගේ සිත ඇදගන්න විදියට නිර්මාණය කොට තිබෙනවා.
එක එක ආකාරයේ apps windows store එකට පැමිණෙන විට එම apps භාවිතා කිරීමේදී ඔබට නවතම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එම අත්දැකීම ලබා ගැනීමට ඔබ windows 8 ස්ථාපිත කල යුතුම වෙනවා.
4) Useful new features (File History, Storage Spaces, and Refresh/Remove)
windows 8 වල ඔබ දැනගතයුතු කුඩා එහෙත් වඩාත් ප්‍රයෝජනා වන පහසුකම් මිලියන ගණනක් අඩංගු කොට තිබෙනවා. නමුත් මෙම අවස්ථාවේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ එයින් 3ක් ගැන පමණයි. ඒවා නම් File History, Storage Spaces, and Refresh/Remove.
File History
මෙම file history කියන option එකෙන් සිදු වෙන්නේ ඔබ කරන වැඩ continuously back up කරන එක. එම option එක සක්‍රීය කිරීමේදී ඔබේ files ස්වයන්ක්රීයවම backup කරනවා. files history එක නැරඹීමෙන් ඔබ කැමති දෙයක් නැවත restore කිරීමට පුළුවන්.ඔබෙන් අතපසු වීමක් සිදුවුවහොත් ඔබට නැවත නිවැරදි කර ගැනීමට පුළුවන්.
Storage Spaces
RAID කියල කියන්නේ වඩාත් ප්‍රයෝජනවත් Technology එකක්. නමුත් අවාසනාවකට වැඩි දෙනෙක් දන්නේ නැහැ මොකක්ද RAID කියන්නේ සහ එය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියා. නමුත් Windows 8 එය හොඳින් අවබෝද කොට ගෙන තිබෙනවා. ඔබ සතුව Internal , external Hard disks කිහිපයක් තිබෙනවා නම් එය භාවිතා කිරීම තරමක කරදරකාරී දෙයක් වෙන්න පුළුවන්. එක් එක් disk එකට එකිනෙකට වෙනස් වූ drive letters තියෙනවා, ඒවගේම partition කිරීමෙන් තව තවත් drives හදා ගන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් මෙමගින් මේ සියල්ල එකම disk එකක් විදියට හසුරුවන්න.
Storage Spaces සතුව free space යම් ප්‍රමාණයක් තිබෙනවානම් ඔබට පුළුවන් ඔබගේ data එහි backup කර තබන්න. මෙය සඳහා drives දෙකක් වත් තිබිය යුතු වෙනවා එහෙම තුබුනොත් පමණයි එක drive එකක තිබෙන data සියල්ල backup කිරීමට තරම් සෑහෙන ඉඩ ප්‍රමාණයක් ලැබෙන්නේ (redundant copy).
කිසිදාක කනගාටු වෙන්න එපා disk කිහිපයක් හැසිරවීමට සහ ඔබගේ data backup කොට තබා ගැනීමට. ඒ කටයුතු සියල්ල ඔබ වෙනුවෙන් windows 8 හි තිබෙන Storage Space බලා ගනීවි.
Refresh/Reset
දිගු කාලයක් පරිගණකය එකදිගට භාවිතා කිරීමේදී " bitrot " කියන අවස්ථාවට මුණ දීමට සිදුවෙනවා. Bitrot මගින් සිදුවෙන්නේ පරිගණකයෙහි වේගය අඩාල කිරීමයි. මෙම bitrot කියන දෙය ඇතිවීමට ප්‍රදාන හේතුවක් වෙන්නේ apps install කිරීමේදී වගේම uninstall කිරීමේදී ඒ විසින් මග හරින එහි යම් යම් කොටස් මෙහෙයුම් පද්දතිය මත ගොඩ ගැසීමයි . එනිසා පරිගණකය හිර වෙනවා වගේම වේගය අඩාල වීමකුත් සිදුවෙනවා.windows මෙහෙයුම් පද්දතිය භාවිත කරන බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් විට සිදු කරන්නේ මෙහෙයුම් පද්දතිය නැවත install කිරීමයි.
නමුත් ඔබ windows 8 මෙහෙයුම් පද්දතිය භාවිතා කරන කෙනෙක් නම් bitrot අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමට පුළුවන්. එයට ප්‍රතිකර්මයක් විදියට windows 8 වලට Refresh/Reset කියන option එක හඳුන්වා දී තිබෙනවා. මෙම option එක ක්‍රියාත්මක කිරීමේදී personal data, settings, Modern UI apps,Other files,Desktop programs වගේ දේවල් ක්‍රමවත්ව සකස් කිරීමක් කරනවා.
නමුත් ඔබ windows 8 මෙහෙයුම් පද්දතිය භාවිතා කරන කෙනෙක් නම් bitrot අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමට පුළුවන්. එයට ප්‍රතිකර්මයක් විදියට windows 8 වලට Refresh/Reset කියන option එක හඳුන්වා දී තිබෙනවා. මෙම option එක ක්‍රියාත්මක කිරීමේදී personal data, settings, Modern UI apps,Other files,Desktop programs වගේ දේවල් ක්‍රමවත්ව සකස් කිරීමක් කරනවා.
5) You own a Windows Phone or computer with touch screen
ඔබ සතුව windows මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතනයක් තිබෙනවානම් windows 8 මෙහෙයුම් පද්දතිය සමග connect කිරීමේදී එය වඩාත් පහසුවෙන් connect කිරීමට පුළුවන්. ඔබට කිසිවිටක දුරකථනය පරිගණකයත් සමගම sync කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. cloud පහසුකම මගින් ඔබගේ දුරකථනය සහ පරිගණකය ස්වයන්ක්රීයවම sync වීමක් සිදු වෙනවා.
විශේෂයෙන්ම windows 8 නිර්මාණය කොට තිබෙන්නේ ස්පර්ශක සංවේදී ක්‍රමයට වැඩ කිරීමට. ඔබ සතුව ස්පර්ශක සංවේදී තිරයක් තිබෙනවානම් windows 8 භාවිතා කිරීමේදී සුපිරි අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මේ ඉහතදී සන්ධාන කලේ ඔබ windows 8 භාවිත කල යුතු හේතු කිහිපයක් පමණයි. ඒ වගේම තවත් වැදගත් වටිනාකමකින් යුත් හේතු තව තිබෙන බව ඔබ දැනගත යුතුයි.
Ela ela
ReplyDeletegood
ReplyDeleteniyemai..
ReplyDeleteMoa unath mata tiyena win 7 ea hodaa..
ReplyDeleteDapan Mchan 5k...
Deleteeka oyage kamaththa yaluwa, onanam win 7 thibeddima win 8 ekath dual boot wena wdiyata danna puluwan.....
ReplyDeletee kohomada danne steps tika kiyannako...
DeleteGOOD MACHAN
ReplyDeletehodayi tikak but 3Ds max wada karanna bane. ehenam mona thibunath wadak na
ReplyDeleteIdiriyata ena WIn 8 version wala 3d performance wadi karaawi bro
ReplyDeletemachan w8 danna machine eke ram processesor kohomada thiyenna oona
ReplyDeleteProcessor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2 (more info)
ReplyDeleteRAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
net freamwork tika instrall kragena compitability karanna xp or 7 walata.mama 3ds max maya walin work.windows 8 use karanne.
ReplyDeletethnaks....
ReplyDeletemachan win 7 thiyeddi win8 dual boot wenna hadaganne kohomada?
ReplyDeletewenama partition ekakata win 8 install karanna
ReplyDeletewin 7 thibeddima win 8 ekath danne kohomada.mama windows 7 thiyeddi win 8 dala activate kara.ethakota win 7 activate venne ne.win 7 activate karapugaman win 8 start wenne ne..
ReplyDeleteehema prashnayak thiyenawa bro
ReplyDeletemcn mage windows 8 eka active wela naa...... DVD eka nathuwa eeka active krganna widiyak thiyenawada??
ReplyDeleteow thiyenawa, wat removoer download kraganna
ReplyDeleteMama win 8 instrol kalara. hodata wada kara. bt apahu start kradi welcme menu 1n passe black light screen 1k enne, bt apahu restart klama hri yanwa. a nisa on krna hama welawakama restart krna wenawa. awula mkak wen atida kila kinawada?
ReplyDeleteGraphic card Drivers Update karala balannakoo
ReplyDeleteela...
ReplyDeletewindows 8 wala thibba bugs fix karalada thiyenne?
ReplyDeleteස්තුතියි
ReplyDeletewin 8 එකයි win 8.1 අතර වෙනසත් කියනවද
ReplyDeleteow wenasak thiyenawa. me lipiya kiyawannakooo
Deletehttp://apps-lanka.blogspot.com/2013/10/what-you-need-to-know-about-windows-81.html
Thank you for infomation
ReplyDeleteethakota Win 8 & Ubuntu dekin koikada powerful...?
ReplyDeleteewage difference 1th dannako..
machn Windows 8 dammama wifi wada nane
ReplyDeleteWindows 8 walata hariyanna WiFi Drivers Download karaganna
ReplyDeleteela kiri.......
ReplyDeletewin 8 original version ekama intall karanna oneda...copy ekak intall karoth internet connect wenakota prasnayak wenawada...
ReplyDeletewin 8 kiyada
ReplyDeletehonda lipyak yaluwa niyamai
ReplyDeletemachine ekata 8 damma ,tika kalekata passe screen eke mukuthma penaane nathuwa giya, matanam oya deken 7 wada hodai
ReplyDeletePlease tell me Win 7 ekata wada Win 8 eka dammama machine eka slow wenawada. My friend told me like that.
ReplyDeletemachan... Format nokara kelinma upgrade karanna barida ?
ReplyDeletethnks mcn
ReplyDeletewin 8 wala godak mb yanawa internet yaddi eka godak nasthiyak eka adu karaganna berida 500MB for 5min
ReplyDeleteela guide ekak machan...man tama use karanne win 7.malaga 8 tiyenawa eka gahuwahama activate wenne mahattayooo puluwanda eka mail parak danna pin sidda wenawa (kppriyakarunanayake@gmail.com)
ReplyDeleteona tharam crack thiynawa windows 8 walata google eke search karanna
ReplyDeletemage windows 7 thiyenne. windows 8 walata free upgrade karanna widiyak nedda machan???
ReplyDeleteas you mentioned in above Windows 8 is suitable for touch displays..It's really gives amazing experience with touch displays..but for our Desktop and Laptops Windows 7 is the best..after Windows 2000, Windows XP was invented with so many amazing extra features..After Windows XP and Vista , Windows 7 was invented with Windows XP's more user friendly system requirements and Windows Vista's beautiful Graphical User Interface..Windows 8 gives major priority for Web based services like cloud computing, Social Networks, online sharing etc..But you know internet technology and internet based services still not developed well in Sri Lanka..So we can't use all these features in Sri Lanka..and also Sri Lankan people are not advanced web surfers yet..Windows 8 using higher graphic memory than Windows 7 and also bit older games are not running on Windows 8 environment..and no start button..(But Windows 8.1 comes with more features and fixed that problems)..My opinion is Windows 8 comes with more features which are support to Web based apps but not essential for offline users..It comes with beautiful but complicated user interface..So still best OS is Windows 7 and It is the best OS for all kind of PC users..There are very few issues with Windows 7 and it won't make any trouble unlike Windows 8..
ReplyDelete